මැයි මස බ්‍රසීල ආසාදිතයන් පස් ගුණයකින් ඉහළ ගිහින්


මැයි මාසයේදී බ්‍රසීලයෙන් වර්තා වී ඇති කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව පස් ගුණයකින් වර්ධනය වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවල දැක්වෙයි.

ඒ අනුව මැයි මස 1දා වනවිට බ්‍රසීලයෙන් වාර්තා වී තිබුණේ කොවිඩ්-19 ආසාදිතයන් 91,589ක් වන අතර, ඊයේ (01දා) වනවිට රටේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 526,447කි.

එමෙන්ම පසුගිය පැය 24 තුළ පමණක් බ්‍රසීලයේ නව ආසාදිතයන් 12,247ක් වාර්තා වූ බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ගෙවීගිය පැය 24 තුළ බ්‍රසීලය විසින් නව කොරෝන වෛරසය ආශ්‍රිත මරණ 623ක් වාර්තා කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව මේ වනවිට බ්‍රසීලයෙන් වාර්තා වන සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 29,937කි.

කොරෝනා වෛරසය ආසාදිත සංඛ්‍යාවෙන් බ්‍රසීලය දෙවැනි වන්නේ එක්සත් ජනපදයට පමණි.



Recommended Articles