මහා බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් වෙත බලපෑ ඇති දරුණු ලැව්ගිනි තත්ත්වයක් හේතුවෙන් මේ වනවිට නිවාස රැසක සිටින ජනතාව ඉවත් කර ඇති බව වාර්තා වෙයි.
සැඩ්ල්වර්ත් මූර් ප්‍රදේශයේ ඇතිවී තිබෙන මෙම ලැව්ගිනි තත්ත්වය දැඩි අවදානම් තත්ත්වයක් ලෙස සලකා ගිනි නිවන හමුදාවට අමතරව ආරක්ෂක හමුදාවද සූදානමින් තබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඉරිදා රාත්‍රියේදී මෙම ගිනි ගැනීම් ආරම්භ වී ඇති අතර, පවතින උණුසුම් කාලගුණයත් සමග ගින්න මේ වනවිටත් පැතිරෙමින් පවතින බවත් කියයි.
කාර්බෘක් ප්‍රදේශයේ නිවාස 34ක ජනතාව මේ වනවිට ඉවත්කර තිබුණත්, ජීවිත හානි හෝ බරපතළ තුවාල තත්ත්වයන් වාර්තා නොවන බවද සඳහන් වෙයි.
කෙසේ වෙතත්, ප්‍රදේශය පුරා පැතිරයන දැඩි දුමාරය හේතුවෙන් ශ්වසන ආබාධ ඇති කර තිබෙන බවත්, බොහෝ ප්‍රදේශය සම්පූර්ණ දුමාරයකින් වැසී ඇති බවත් සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.