මැදපෙරදිගට අමතර ඇමෙරිකානු සෙබලු 1500ක් යවනවා - ට්‍රම්ප්


මැදපෙරදිග කලාපයට අමතර ඇමෙරිකානු සෙබලු 1,500ක් යැවීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

සිකුරාදා මාධ්‍යවේදීන් හමුවේ ට්‍රම්ප් පවසා සිටියේ, "අපට මැද පෙරදිග ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍යයයි" යනුවෙනි.

එහිදී දැනට මැදපෙරදිග කලාපයේ රැඳී සිටින සෙබලු ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවද හෙතෙම පවසා ඇත.

මෙම සැලසුම සම්බන්ධයෙන් කොංග්‍රසය වෙත දැනුම්දීමක් කර ඇති බවද ට්‍රම්ප් කියා සිටියේය.

මෙම මස ඇමෙරිකාව සහ ඉරානය අතර ඇති වූ උණුසුම් තත්ත්වයද මෙම තීරණය සමග බැඳී පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඉරානයෙන් එල්ල විය හැකි තර්ජනයකට මුහුණදීම සඳහා යැයි කියමින් ඇමෙරිකානු ගුවන් යානා හාරක නෞකා පවා මැදපෙරදිග කලාපයට පිටත්කර හැරිණි.

කෙසේ වෙතත්, මෙය ඇමෙරිකාවේ මනස්ගාතයක් බව ඉරානය කියා සිටි අතර, තමන්ද ඕනෑම ප්‍රහාරයකට සූදානම් බව කියා තිබුණි.

මේ අතර, පසුගිය බ්‍රහස්පතින්දා ට්‍රම්ප් කියා තිබුණේ මැද පෙරදිග කලාපයට තවත් සෙබලු යැවීම අවශ්‍ය නොවන බවකි.



Recommended Articles