මැඩගස්කර් යාත්‍රා අනතුරින් 17ක් මරුට, 60ක් අතුරුදන්


මැඩගස්කරයේ ඊසානදිග වෙරළට ඔබ්බෙන් වූ යාත්‍රාවක් ගිලී යාමෙන් අවම වශයෙන් පුද්ගලයින් 17දෙනෙකු මිය ගොස්, තවත් 60ක් පමණ අතුරුදහන් වී ඇති බව නාවික බලධාරීහු පවසති.

වරාය අධිකාරියේ ප්‍රධානී ජීන් එඩ්මන්ඩ් රැන්ඩ්‍රියනන්ටෙනයිනා පැවසුවේ යාත්‍රාවේ සිටි මගීන් 130දෙනාගෙන් 45දෙනෙකු බේරාගෙන ඇති අතර, ප්‍රාදේශීය ස්වේච්ඡා සේවකයන්ගේ සහාය ඇතිව අනෙක් අය සෙවීමේ කටයුතු අඛණ්ඩව සිදු කරන බවයි.

එම යාත්‍රාව නීතිවිරෝධී ලෙස මගීන් රැගෙන ගිය භාණ්ඩ ප්‍රවාහන යාත්‍රාවක් බව ඔහු පැවසීය. තවත් වරාය අධිකාරියේ නිලධාරියෙකු සඳහන් කළේ තාක්ෂණික ගැටලුවකින් නිසා යාත්‍රාවක ගසාගෙන ගොස් ගල් පරයක වැදී ඇති බවයි.



Recommended Articles