මැඩගස්කරයේ නිවර්තන කලාපීය චෙනෙසෝ සුළි කුණාටුවෙන් පුද්ගලයන් 30දෙනෙකු මිය ගොස් තවත්, 20දෙනෙකු තවමත් අතුරුදන්ව තිබේ. එමෙන්ම තවත් දහස් ගණනක් අවතැන්ව සිටින බවද බලධාරීහු පවසති.
ගංවතුර හා නායයෑම් ඇතිවූ කුණාටුවෙන් පුද්ගලයන් 37,000කට ආසන්න පිරිසක් අවතැන් වී ඇති බව සඳුදා අගභාගයේදී නිකුත් කළ වාර්තාවක අවදානම් සහ ආපදා කළමනාකරණය පිළිබඳ රජයේ කාර්යාලය ප්රකාශ කළේය.
ජනවාරි 19 වැනි දින ගොඩබිමට පැමිණි චෙනෙසෝ, මේ වසරේ මැඩගස්කරය කරා පැමිණි පළමු නිවර්තන කුණාටුව විය.