මැඩගස්කර කොවිඩ් ඉහළට යළිත් ලොක්ඩවුන් කිරීමක්


මැඩගස්කරයේ අගනුවර වන ඇන්ටනනාරිවෝ හි කොරෝනා ආසාදිතයන්ගේ ඉහළ යෑමක් යළිත් වාර්තා කිරීමත් සමග, නව අගුලු දැමීමේ පියවරක් වෙත එරට රජය යොමුව තිබේ.

එරට ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අගනගරය පිහිටා ඇති අනලමන්ගා කලාපය යළිත් අගුලු දැමීමකට යටත් කර ඇති බවයි.

ඒ අනුව අද (06දා) දිනයේ සිට ජූලි 20 දක්වා කලාපය තුළ හෝ ඉන් පිටත ගමනාගමනයට ඉඩ නොලැබෙන බව කියයි.



Recommended Articles