රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් සමග මොස්කව් නුවරදී සාකච්ඡා කරමින් යුක්රේනය සම්බන්ධයෙන් උත්සන්න වී ඇති ආතතීන් සමනය කිරීමට ආරම්භයක් ගැනීම සඳහා බලාපොරොත්තු වන බව ප්රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් ප්රකාශ කරයි.
මෙම සතිය ආරම්භයේදී මැක්රොන් මොස්කව් වෙත පියාසර කළේ යුක්රේනය සම්බන්ධයෙන් පවතින ආතතීන් සමනය ඉලක්ක කර ගනිමිනි.
ක්රෙම්ලිනයේදී රුසියානු ජනාධිපති පූටින්ගේ දිගු මේසයක එක් කෙළෙවරක හිඳගත් ප්රංශයේ මැක්රොන්, යුරෝපයේ "තීරණාත්මක තත්ත්වය" ආමන්ත්රණය කිරීම සඳහා තමා මොස්කව්හි සිටින බව සඳහන් කළේය.
"පවතින තත්ත්වයේ සමනය වීමක් දැකීමට, මේ සාකච්ඡාවට අප යා යුතු දිශාවට ආරම්භයක් ලබාගත හැකියි" මැක්රොන් පැවසුවේය. "රුසියාවට සහ යුරෝපයට යන දෙපාර්ශ්වයටම ප්රයෝජනවත් පිළිතුරක් මා අපේක්ෂා කරනවා" හෙතෙම රුසියානු නායකයාගෙන් ඉල්ලා සිටියේය.
මැක්රොන්ව "ආදරණීය එමානුවෙල්" ලෙස පිළිගත් පූටින්, රුසියාව සහ ප්රංශය "යුරෝපයේ ආරක්ෂාව පිළිබඳ කනස්සල්ල බෙදාගෙන ඇති" බව පවසමින්, "වර්තමාන ප්රංශ නායකත්වය මේ ගැටලුව විසඳීමට කොපමණ උත්සාහයක් දරන්නේද යන්න තමා දන්නේ යැයි" මැක්රොන්ට ප්රශංසා කළේය.