මාස්ක් කියන්නෙ ඔබට වැඩි නිදහසක් දෙන මෙවලමක්ලු


නව කොරෝනා වෛරසය පැතිරීම මන්දගාමී කිරීම සඳහා සියලු දෙනාම මුඛ ආවරණය (මාස්ක්) භාවිත කරනවා නම්, එය සියලු දෙනාට නිදහස ලබාදෙන මෙවලමක් බව එක්සත් ජනපද ශල්‍ය වෛද්‍ය ජෙනරාල් ජෙරොම් ඇඩම්ස් අවධාරණය කරයි.

නිවාඩු සති අන්තයට පෙර ජෝර්ජියාවේ ආණ්ඩුකාර බ්‍රයන් කෙම්ප් සමග ප්‍රාන්තයේ මුඛ ආවරණ භාවිතය පිළිබඳ දැනුවත් කිරීමේ චාරිකාවකට එක්වෙමින් හෙතෙම මෙසේ පවසා සිටියේය.

"ඇත්ත වශයෙන්ම බොහෝ අය මුඛ ආවරණයක් පැළඳීමට එකඟ වෙනවා. ඔබ සමීක්ෂණ දෙස බැලුවහොත් බොහෝ අය ප්‍රසිද්ධියේ එළියට යන විට එය කරනවා. නමුත් ඔබ රූපවාහිනී ප්‍රවෘත්ති බැලුවොත්, ෆේස්බුක් බැලුවොත් කිසිවෙකු දැන් මුඛ ආවරණයක් පැලඳ නොසිටින බව ඔබට සිතෙන්නට පුළුවන්." ඇඩම්ස් ජෝර්ජියාවේ ඔගස්ටා හි කතා කරමින් පැවසුවේය.

"රෝග ලක්ෂණ නොපෙන්වන අයගෙන් සිදුවන වෛරස ව්‍යාප්තිය පිළිබඳව අප දන්නා දේ මත පදනම්ව දැන් අපට ඇති හොඳම අවවාදය නම්, ඔබ අවට සිටින අයව ආරක්ෂා කිරීම සඳහා ප්‍රසිද්ධියේ සිටින සෑම කෙනෙකුම මුඛ ආවරණයක් (මාස්ක්) හෝ මුහුණු ආවරණයක් (ෆේස් ෂීල්ඩ්) පැළඳිය යුතුයි" ඇඩම්ස් වැඩිදුරටත් සඳහන් කළේය.



Recommended Articles