මාස 6කට පසුව චීනයේ කොවිඩ් මරණ වාර්තා වේ


මාස හයකට ආසන්න කාලයක් තුළ චීනය සිය පළමු කොවිඩ්-19 රෝගී මරණ වාර්තා කර තිබේ.

චීනය දැඩි ශුන්‍ය-කොවිඩ් උපාය මාර්ගය සමග රට තුළ කොවිඩ් පාලනය කිරීම සඳහා දැඩි පරිශ්‍රමයක් ගෙන තිබේ.

චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව අද (21දා) පවසා සිටියේ සෙනසුරාදා අගනුවරදී 87 හැවිරිදි පුද්ගලයෙකුගේ මරණයෙන් පසුව, බීජිං හි කොවිඩ් -19 රෝගීන්ගේ මරණ දෙකක් ඉරිදා වාර්තා කර ඇති බවයි.

ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවට අනුව ඉරිදා නව ආසාදන 26,824ක් වාර්තා වී ඇති අතර, අප්‍රේල් මැද සිට ඉහළම දෛනික සංඛ්‍යාව සහ ආසාදිතයන් 20,000ක් ඉක්මවූ අඛණ්ඩව හයවැනි දිනයද වාර්තා කර ඇත.



Recommended Articles