මාස 5කට පසු ඇමෙරිකාවේ වැඩිම රෝහල්ගතවීම් දකියි


ෆෙඩරල් දත්තවලට අනුව, පෙබරවාරි මාසයෙන් පසු රැකවරණය ලබන වැඩිම රෝගීන් සංඛ්‍යාව සනිටුහන් කරමින් එක්සත් ජනපදය පුරා කොවිඩ්-19 රෝගීන් 56,000කට ආසන්න සංඛ්‍යාවක් දැන් වෛරසය ආසාදිතව රෝහල් ගත කර තිබේ.

ඇමරිකානුවන්ගෙන් 91%ක්ම දැන් ජීවත් වන්නේ පසුගිය සතියේ ඉහළ (දින 7ක නව ආසාදන අනුපාතය 100ට වැඩි) හෝ සැලකිය යුතු (දින 7ක නව ආසාදන අනුපාතය 50-99.99 අතර) ප්‍රමාණයේ අවදානමකය.

ඇලබාමා, ආර්කන්සාස්, ඇරිසෝනා, ඩෙලවෙයාර්, ෆ්ලොරිඩා, ලුසියානා සහ දකුණු කැරොලිනා යන සෑම ප්‍රාන්තයකම ඉහළ හෝ සැලකිය යුතු ප්‍රජා සම්ප්‍රේෂණයක් පවතින බව කියයි.

ලුසියානා, ආර්කන්සාස්, ෆ්ලොරිඩා, මිසූරි සහ ඇලබාමා දැනට ඇමෙරිකාවේ ඉහළම ආසාදන අනුපාතයන් ඇති අතර, ඉන් පසුව මිසිසිපි, ටෙක්සාස් සහ ඔක්ලහෝමා ප්‍රාන්තවලද ඉහළ ආසාදන අනුපාත වාර්තා කර ඇත.

වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය හමුවේ ඇමෙරිකාව මෙම තත්ත්වයට මුහුණ දෙමින් සිටින අතර, වසංගතයට එරෙහි එන්නත්කරණය කඩිනම් කිරීමටත්, එන්නත්කරණය සඳහා ජනතාව උනන්දු කරවීමටත්, එන්නත ලබාගත් පසුවද මුඛ ආවරණ ඇතුළු මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් පිළිපැදීමේ වැදගත්කම ජනතාවට ඒත්ත ගැන්වීමටත් එරට සෞඛ්‍ය අංශ දැඩි පරිශ්‍රමයක් ගනිමින් සිටියි.



Recommended Articles