මාලි රාජ්‍යයේදී ඉස්ලාමීය ජිහාඩ් ත්‍රස්තයන්ට එරෙහිව සිදුකළ මෙහෙයුමකදී හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් ප්‍රංශ හමුදා නිලධාරීන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
දශක කිහිපයක කාලය තුළ ප්‍රංශ හමුදා සාමාජිකයන් රැසක් එකවර ජීවිතක්ෂයට පත් අවස්ථාවක් ලෙස මෙය ඉතිහාසයටද එක්වෙයි.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් මෙම පුවතින් දැඩි කම්පාවට පත්ව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බවද සඳහන් කර ඇත.
ඉස්ලාමීය ජිහාඩ් ත්‍රස්තයන් මාලි රාජ්‍ය උතුරු කොටසේ විශාල කොටසක් ආක්‍රමණය කිරීමත් සමග 2013 වසරේදී එරටට ප්‍රංශ හමුදා යොමුකෙරිණි.
ඉන් අනතුරුව ක්‍රමයෙන් ප්‍රංශ හමුදා විසින් මාලි රාජ්‍යයේ ත්‍රස්තයන් සතුව පැවති ප්‍රදේශ අත්පත් කරගත් අතර, පසුව මෙම ත්‍රස්ත ක්‍රියා කලාපයේ අනෙකුත් රාජ්‍යයන් වෙත පැතිර යන්නට විය.