මාලි, බුර්කිනා ෆාසෝ සහ නයිජර් අතර උපායමාර්ගික දේශසීමා කලාපයකදී සන්නද්ධ ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් අවම වශයෙන් සොල්දාදුවන් 17දෙනෙකු සහ සිවිල් වැසියන් හතර දෙනෙකු මිය ගිය බව මාලි හමුදාව ප්‍රකාශ කරයි.
හමුදා භටයින් 22දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර තවත්, සොල්දාදුවන් 9දෙනෙකු අතුරුදන් වී ඇත. එරට හමුදාව ප්‍රකාශ කළේ සිදුව ඇති මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි.