මාරාන්තික මිසයිල ප්‍රහාරය යුක්රේනයෙන්ම ආ එකක්?


යුක්රේනයේ ක්‍රමටෝර්ස්ක් නගරයේ සිවිල් වැසියන් 50කට වැඩි පිරිසක් ඝාතනය කළ බවට වාර්තා වන Tochka U බැලස්ටික් මිසයිලය යුක්රේන හමුදා පාලනය යටතේ පවතින නගරයකින් පැමිණි බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කරයි.

නගරයට කිලෝමීටර 45ක් නිරිත දෙසින් පිහිටි ඩොබ්‍රොපෝල් ප්‍රදේශයෙන් මිසයිලය එල්ල කර ඇති බව මොස්කව් ප්‍රකාශ කළේය.

මාරාන්තික මිසයිලය ක්‍රමටෝර්ස්ක්හි ප්‍රධාන දුම්රිය ස්ථානයට පහර දුන්නේ පුද්ගලයින් 4,000ක් පමණ ඔවුන් ඉවත් කිරීමේ දුම්රිය සඳහා එහි රැඳී සිටියදී බව කියයි. නගර පරිපාලනය විසින් සිදු කරන ලද නවතම මරණ සංඛ්‍යාව පැවසුවේ සිද්ධියෙන් පුද්ගලයන් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ඉන් 5දෙනෙකු කුඩා දරුවන් බවද සඳහන් කළේය.

ක්‍රමටෝර්ස්ක් යනු ඩොනෙට්ස්ක් කලාපයේ උතුරු කොටසේ පිහිටි නගරයක් වන අතර ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුව විසින් එහි භූමියේ කොටසක් ලෙස හිමිකම් කියයි. 2014 මයිඩාන් ඉක්බිතිව නැගෙනහිර යුක්රේනයේ සතුරුකම් ඇති වූ විට, නගරය කියෙව් පාලනය යටතේ පැවතුනි.

යුක්රේන නායකයා විසින් බටහිර සමග එක්ව මෙම ප්‍රහාරයද රුසියානු ගිණුමට බැරකිරීමට දැඩි ප්‍රයත්නයක නිරත වන බව රුසියාව පවසන අතර, සෑමවිටම ජනතාව මිනිස් පළිහක් ලෙස යොදා ගනිමින්, බටහිර අශාවන් සන්තෘප්ත කිරීමක් විනා යුක්රේනය සිතාමතාම යුධ අපරාධ සිදුකරන බවටද රුසියාව චෝදනා කළේය.



Recommended Articles