මාර්කෝස් ජූනියර් පිලිපීන ජනපති ලෙස තේරීපත් වෙයි


තම කණ්ඩායම ආර්ථිකය, රැකියා, මිල ගණන්, අධ්‍යාපනය සහ යටිතල පහසුකම් ඉදිකිරීම ඇතුළු ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරන බවත්, ඔහුගේ කණ්ඩායම දැන් කැබිනට් සාමාජිකයින් ගැන සාකච්ඡා කරමින් සිටින බවත් පිලිපීන ජනාධිපති ලෙස තේරී පත් වූ ෆර්ඩිනන්ඩ් මාර්කෝස් ජූනියර් අතථ්‍ය දේශනයක් පවත්වමින් කියා සිටියේය.

බදාදා පැවති පිලිපීන ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස්ගේ පුත් හිටපු සෙනෙට් සභික ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් (64) ජයග්‍රහණය කළේය.

උප ජනාධිපති අපේක්ෂකයා සඳහා ඔහුගේ සහකරුවා වන්නේ සාරා ඩුටර්ටේ කාර්පියෝ වන අතර, ඇය හිටපු ජනපති ඩුටර්ටේගේ දියණියයි.



Recommended Articles