හොංකොං හි ප්‍රජාතන්ත්‍ර හිතවාදී විරෝධතාකරුවන්ට වොෂිංටනය දිගින් දිගටම සහයෝගය දක්වන්නේ නම් “දැඩි පියවර” ගත හැකි බව චීනය එක්සත් ජනපදයට අනතුරු අඟවා තිබේ.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදී පනත නීතියට අත්සන් කිරීමෙන් පසුව මෙම අනතුරු ඇඟවීම සිදු විය.
එක්සත් ජනපදය සමග විශේෂ තත්ත්වය සාධාරණීකරණය කිරීම සඳහා හොංකොං හි ප්‍රමාණවත් ස්වාධීනත්වයක් තිබේදැයි පරීක්ෂා කිරීම සඳහා මෙම පනත මගින් වාර්ෂික සමාලෝචනයක් නියම කරයි.
දෙරට අතර වෙළෙඳ යුද්ධයක් අවසන් කිරීම සඳහා ට්‍රම්ප් මේ වනවිට චීනය සමග සහසම්බන්ධතා අපේක්ෂාවෙන් පසුවන වාතාවරණයක මෙම නව ප්‍රවණතාව ඇතිවී තිබේ.
“එක්සත් ජනපදය කරුණු නොසලකා හරිමින් සත්‍යය විකෘති කරමින් සිටී” යැයි චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශයක් පවසයි.
"පහසුකම් කඩාවැටීම, ගිනි තැබීම, අහිංසක සිවිල් වැසියන්ට පහරදීම, නීතියේ ආධිපත්‍යය පාගා දැමීම සහ සමාජ පර්යායට තර්ජනයක් වූ ප්‍රචණ්ඩකාරී අපරාධකරුවන්ට එය විවෘතව පිටුබලය දි තිබෙනවා." යැයිද ඔවුන් කියයි.
එක්සත් ජනපදය දිගින් දිගටම “වැරදි මාවතකට” යන්නේ නම් “ප්‍රතිවිරුද්ධ ක්‍රියාමාර්ග” ගන්නා ලෙස අමාත්‍යාංශය තර්ජනය කර තිබේ.