අල් ජසීරා මාධ්‍යවේදිනී ෂිරීන් අබු අක්ලේ ඝාතනය සම්බන්ධයෙන් ස්වාධීන හා විනිවිද භාවයෙන් යුතු පරීක්ෂණයක් පැවැත්විය යුතු බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් බදාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
පලස්තීන-ඇමෙරිකානු සම්භවයක් ඇති කිතුනුවකු වන 51 හැවිරිදි අබු අක්ලේ බදාදා ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් අල්ලාගෙන සිටින බටහිර ඉවුරේ ජෙනින් නගරයේ මෙහෙයුමක් ආවරණය කරමින් සිටියදී වෙඩි තබා ඝාතනය කර තිබුණි.
තවත් අල් ජසීරා මාධ්‍යවේදියෙකු වන නිෂ්පාදක අලි අල්-සමුදි තුවාල ලැබුවේ දෙදෙනාම "මාධ්‍ය" යනුවෙන් සඳහන් හිස්වැසුම් සහ කබාය පැළඳ සිටියදීමය. මාධ්‍යවේදීන්ට එල්ල වන සියලු ප්‍රහාර සහ ඝාතනයන් හෙළා දකින බව කියා සිටි ගුටරෙස්, ඔවුන් කිසිවිටෙක ප්රචණ්ඩත්වයේ ඉලක්කය නොවිය යුතු බව අවධාරණය කළේය.