මාත්‍රා 1ක ජොන්සන් එන්නත සඳහා දෙවැනි මාත්‍රාවත් දෙයි


ජොන්සන් සහ ජොන්සන් කොවිඩ්-19 මර්දන එන්නතෙහි දෙවැනි මාත්‍රාවක් ලබා දීම සඳහා නිර්දේශ කිරීමට එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනයේ උපදේශක මණ්ඩලය ඡන්දය ලබාදී තිබුණි.

ඒ අනුව එක් මාත්‍රාවක එන්නතක් ලෙස මීට පෙර ආ මෙම එන්නතෙහි දෙවැනි මාත්‍රාවක්ද වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින්ට ලබාදීමට අනුමත කළ අතර, ඒ පළමු මාත්‍රාව ලබාගෙන අඩුම තරමින් මාස දෙකකින් පසුවය.



Recommended Articles