තමා තවමත් එක්සත් ජනපදය භාරව සිටියේ නම්, න්‍යෂ්ටික යන වචනය නැවත කිසිදා පැවසිය නොහැකි බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ට පවසන බව ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
බ්‍රිතාන්‍ය මාධ්‍යවේදී පියරස් මෝගන් වෙත ට්‍රම්ප් මෙම අදහස් පළ කර ඇත්තේ, යුක්රේනයේ ගැටුම න්‍යෂ්ටික තර්ජන ප්‍රකාශ කිරීම සහ සාකච්ඡා සඳහා කැඳවීම අතර දෝලනය වෙමින් පවතින පසුබිමකය.
"පූටින් සැමවිටම න්‍යෂ්ටික යන වචනය පාවිච්චි කරනවා" විකාශය කිරීමට නියමිත සම්මුඛ සාකච්ඡාවක කොටසක ට්‍රම්ප් පැවසීය. "ඔහු ඒක එදිනෙදා පාවිච්චි කරනවා. ඒ වගේම හැමෝම ගොඩක් බයයි. ඒ වගේම එයාලා (ඇමෙරිකාව ප්රමුඛ සෙසු ලෝකය) බය වෙන තරමට, එයා ඒක වැඩි වැඩියෙන් පාවිච්චි කරනවා. ඒකයි, එයා ඒක කරන්නේ. ඔහු දැන් කරමින් සිටින ආකාරයේ දේවල්, ඔහු කරන්නේ."
පුටින් සෘජුවම න්‍යෂ්ටික අවිවලින් බටහිරට තර්ජනය කර නැත. නමුත් පෙබරවාරියේ යුක්රේනයේ රුසියානු මෙහෙයුම දියත් කිරීම සනිටුහන් කරමින් කළ කතාවකදී, "අපේ මාර්ගයේ සිටීමට උත්සාහ කරන ඕනෑම කෙනෙකුට ඔබ කිසි දිනෙක නොදුටු ආකාරයේ ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්නට සිදුවේවි" යනුවෙන් අනතුරු ඇඟවීය.
කෙසේ වෙතත් ට්‍රම්ප් මෝගන්ට පැවසුවේ තමන් ඇමරිකාවේ න්‍යෂ්ටික අවි පුටින් වෙත එල්ල කරන බවයි. "මම කියන්නේ, අපිට ඔබට (පූටින්ට) වඩා බොහෝ දේ තිබෙනවා. අපි ඔබට වඩා බලවත්. ඔබට එම වචනය නැවත කිසිදා භාවිත කිරීමට ලැබෙන්නේ නෑ." ට්‍රම්ප් මෙසේ කීවත් බොහෝ මූලාශ්‍ර පෙන්වා දෙන්නේ රුසියාවට එක්සත් ජනපදයට වඩා වැඩි න්‍යෂ්ටික අවි තොගයක් ඇති බවයි.