ඉන්දියාවේ, මහාරාෂ්ට්‍ර මහ ඇමති දේවේන්ද්‍ර ෆඩ්නවිස් බලයට පත්ව දින තුනක් ගතවන අවස්ථාවේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බදාදා දිනයේ විශ්වාසභංගයක් ගන්නා ලෙස නියෝග කිරීමෙන් පැය කිහිපයකට පසු ඔහු ඉවත්ව ගොස් ඇත. මෙම අර්බුදය ඉන්දීය දේශපාලනය ගැන අපට පවසන්නේ කුමක්ද?
බ්‍රිතාන්‍යයේ දේශපාලන විචාරකයෙකු වූ අර්නස්ට් බෙන් වරක් කියා සිටියේ දේශපාලනය යනු “කරදර සෙවීමේ කලාවක්, එය සෑම තැනකින්ම සොයාගැනීමක්, එය වැරදි ලෙස හඳුනා ගැනීමක් සහ ඊට නුසුදුසු පිළියම් යෙදීමක්” ලෙසිනි.
මහාරාෂ්ට්‍රයේ සිදුවෙමින් පවතින දෙය දෙස බලන විට, බෙන්ගේ මෙම කතාව ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ දේශපාලනයට හා ආයතනවලට අදාළ විය හැකි බව පැවසෙයි.