මහා බලවතුන් අතර ගැටුමක් සඳහා වැඩි ඉඩක් - මිලී කියයි


ලෝකය වඩාත් අස්ථායී වනවිට, සැලකිය යුතු ජාත්‍යන්තර යුද ගැටුමක් සඳහා විභවය වැඩි වෙමින් පවතිනවා මිස අඩු වෙමින් පවතින්නේ නැතැයි එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරියෙක් එරට නීති සම්පාදකයන් හමුවේ අවධාරණය කළේය.

එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සහ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් මාර්ක් මිලී, 2023 මූල්‍ය වර්ෂය සඳහා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා සිටින වාර්තාගත ඩොලර් බිලියන 773 අයවැය පිළිබඳ සන්නද්ධ සේවා කමිටු විභාගයේදී අදහස් දක්වමින් මෙම කරුණු හෙළි කර තිබේ.

මෙම රැස්වීමේදී එක්සත් ජනපදයේ ගෝලීය බලයට තර්ජනයක් ලෙස වොෂිංටනය සලකනු ලබන එක්සත් ජනපද විරුද්ධවාදීන් ලෙස ඔවුන් විසින්ම හංවඩු ගසා තිබෙන රුසියාව සහ චීනය පිලිබඳ බොහෝ අවස්ථාවල සඳහන් කිරීම් දක්නට ලැබුණු බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

තම වසර 42ක එක්සත් ජනපද හමුදා සේවය දෙස ආපසු හැරී බැලීමේදී, යුක්රේනයට රුසියාව එල්ල කළ ප්‍රහාරය යුරෝපයේ සහ සමහරවිට ලෝකයේ සාමයට සහ ආරක්ෂාවට ඇති ලොකුම තර්ජනය ලෙස මිලී නම් කළේය. කෙසේ වෙතත්, යුක්රේනය වටා ලෝක පෙළගැස්ම දැකීම සතුටක් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

"රුසියානු යුක්රේනය ආක්‍රමණය යුරෝපීය සාමය සහ ස්ථාවරත්වය පමණක් නොවෙයි, මගේ දෙමාපියන් සහ ඇමෙරිකානුවන්ගේ පරම්පරාවන් ආරක්ෂා කිරීමට දැඩි ලෙස සටන් කළ ගෝලීය සාමය සහ ස්ථාවරත්වය අඩපණ කිරීමට තර්ජනය කර තිබෙනවා" යැයි මිලී වැඩිදුරටත් පැවසීය.



Recommended Articles