මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් එරට මූල්‍ය අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුට එරෙහිව හෙට අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙනු ඇති බව විදෙස් වාර්තා පවසයි.
මැලේසියාවේ සංවර්ධන අරමුදලෙන් ඇ.ඩො.මිලියන 700ක මුදලක් වංචා කළේ යැයි යන මහා පරිමාණ දූෂණ චෝදනා හිටපු අගමැතිවරයාට මීට කලකට පෙර සිටම එල්ල විය.
එමෙන්ම, හිටපු අගමැතිවරයා බිහිකළ අරමුදලේ වූ තවත් ඩොලර් බිලියන ගණනක් ගණනය කිරීමක් සිදුව නොමැති බවටද චෝදනා නැගී තිබුණි.
පසුගිය මැයි මාසයේ පැවති මහ මැතිවරණයෙන් නජීබ් පරාජයට පත්වීමත් සමග ඔහුට එරෙහිව මේ වනවිට අඛණ්ඩව පරීක්ෂණ සිදුවෙමින් පවතී.
මැලේසියාවේ මූල්‍ය අපරාධ අංශය පවසා සිටියේ එරට වේලාවෙන් සවස 2.30ට පමණ නිවසේ සිටියදී හිටපු අගමැතිවරයා අත්අඩංගුවට පත්ව තිබේ.