බ්‍රසීලයේ ඊසානදිග වෙරළ තීරයේ විශාල ප්‍රදේශයක ඇති වූ දැවැන්ත තෙල් කාන්දුවක් පිළිබඳව බ්‍රසීල නිලධාරීන් පරීක්ෂණ පවත්වයි.
මෙම තෙල් කාන්දුව සම්බන්ධයෙන් සිදුකළ විශ්ලේෂණයෙන් පෙනී ගොස් ඇත්තේ මෙම තෙල් බ්‍රසීලයේ නිපදවා ඇති ඒවා නොවන බවයි.
මෙම අවාසනාවන්ත සිද්ධියත් සමග මත්ස්‍යයන් හා බෙල්ලන් තෙල්වලින් නැහැවී ඇති බවයි. එමෙන්ම, මුහුදු කැස්බෑවන් හය දෙනෙකු සහ මුහුදු කුරුල්ලෙකු මියගොස් සිටියදී සොයාගත් බවද කියයි.
බ්‍රසීලයේ රජයේ පෙට්‍රොබ්‍රාස් තෙල් සමාගම විසින් සිදු කරන ලද අණුක විශ්ලේෂණයෙන් පෙන්නුම් කළේ බොරතෙල් කාන්දු වීම රට තුළ ඇති වූවක් නොවන බවයි. ඒ අනුව, මේ පිළිබඳ තවදුරටත් පරීක්ෂණ පවත්වයි.