කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයේ ගිනිකොණදිග ප්‍රදේශයේ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පැනීමකින් පසු මියගිය සංඛ්‍යාව 75ක් දක්වා ඉහළ ගොස් ඇති බව ප්‍රාදේශීය බලධාරීන් පවසයි.
එරට ගිනිකොනදිග ලුආලාබා පළාතේ ලුබුඩි දිස්ත්‍රික්කයේ බ්‍රහස්පතින්දා අගභාගයේදී මැදිරි 15ක දුම්රියක් මෙසේ පීලි පැනීමකට ලක්විය.
අවම වශයෙන් මෙම අනතුරින් තවත් පුද්ගලයින් 125දෙනෙකු තුවාල ලබා ඇත.
කොංගෝවේ සන්නිවේදන හා මාධ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, දුම්රිය එන්ජිමෙහි වූ දෝෂයක් හේතුවෙන් මැදිරි 15න් 7ක් දුම්රියේ පාලනයෙන් තොරව පීලී පැනීමකට ලක්ව ඇති බවයි.
කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයෙ හි දුම්රිය පීලි පැනීම මෙන්ම, වැව් හා ගංගා ආශ්‍රිතව සිදුවන බෝට්ටු අනතුරුද සුලභ දසුනකි.