මහජන මුදල් අයථා පරිහරණ චෝදනා යටතේ හිටපු ප්‍රංශ අගමැතිට වසර 5ක සිරදඬුවම්


ප්‍රංශයේ හිටපු අගමැති ප්‍රංශුවා ෆිලෝන්, ඔහුගේ බිරිඳ පෙන්ලෝප් සහ ඔහුගේ හිටපු සහායක මාක් ජූලාඩ්, මහජන මුදල් අයථා ලෙස පරිහරණය කිරීම, ඊට අනුබල දීම සහ සඟවා තැබීම යන චෝදනාවලට වැරදිකරුවන් වී තිබේ.

පැරිස් අධිකරණ තීන්දුවෙන් නිගමනය වූයේ ෆිලොන් සිය බිරිඳට සහ දරුවන්ට මෙන්ම ජූලාඩ්ටද සුළු කාර්යයක් හෝ කිසිවක් නොකරම මහජන වැටුපෙන් යුරෝ ලක්ෂ ගණනක් ගෙවා ඇති බවයි.

ෆිලන්ට වසර පහක සිර දඬුවමක් නියම කළ අතර, ඇ.ඩො.423,000ක දඩයක් සහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා දස අවුරුදු තහනමක්ද නියම කර තිබේ.

ඔහුගේ බිරිඳ පෙන්ලෝප්ට වසර තුනක අත්හිටවූ සිර දඬුවමක් සහ වැඩ තහනමක් සමග ඇ.ඩො.423,000ක දඩයක් නියම විය.

ෆිලෝනුවන්ට සහ ඔවුන්ගේ සම විත්තිකරුවන්ට ඇ.ඩො.මිලියන 1.13ක මුදලක් ප්‍රංශ ජාතික සභාව වෙත ආපසු ගෙවන ලෙසද නියෝග කරන ලදී.

"මෙම තීරණය සාධාරණ නොවන අතර අපි අභියාචනයක් ඉදිරිපත් කරනවා" නඩු තීන්දුවෙන් පසුව ෆිලෝන්ගේ නීතීඥයන්

2007 සිට 2012 දක්වා කාලය තුළ ජනාධිපති නිකොලස් සාකෝසි යටතේ ෆිලොන් ප්‍රංශයේ අගමැතිවරයා ලෙස කටයුතු කළේය.

ඔහුගේ ගැටලු ආරම්භ වූයේ 2017 දී ප්‍රංශ උපහාසාත්මක පුවත්පතක් වන ලී කැනාර්ඩ් එන්චේන් විසින් ඔහුගේ බිරිඳ සහ ඔහුගේ වැඩිමහලු දරුවන් දෙදෙනෙකුට ව්‍යාජ රැකියා ලෙස ඔවුන් පාර්ලිමේන්තු සහායකයන් බවට පත්කර යුරෝ මිලියනයකට ආසන්න මුදලක් උපයා ගත් බවට වාර්තා පළ කිරීමත් සමගය.

එවකට ඔහු එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කළ අතර, තම බිරිඳ වසර 15ක් සිය උප ප්‍රධානියා ලෙස සේවය කළ බවත්, ඔහුගේ කාලසටහන කළමනාකරණය කිරීම සහ සංස්කෘතික උත්සව සඳහා ඔහු නියෝජනය කිරීම ඇතුළු භූමිකාවන් කිහිපයක් හසුරුවා ඇති බවත් පැවසීය. තම දියණිය සහ පුතා පිළිවෙලින් මාස 15 සහ මාස හයක කාලයක් එකම තනතුරුවල සේවය කළ බවත්, එය නීති විරෝධී නොවන බවත්, එය විනිශ්චයේ වැරැද්දක් බවත් ඔහු පැවසීය.

මෙම වංචාව 2017 දී ප්‍රංශ ජනාධිපති ධුරය සඳහා වූ ඔහුගේ උත්සාහයද ව්‍යර්ථ කළ අතර එමානුවෙල් මැක්රෝන්ගේ ජයග්‍රහණයට මඟ පෑදීය.



Recommended Articles