මස්ක් බිය ගැන ට්විටර් ප්‍රධාන විධායකයන්ගේ හඬ පටයක්


එලොන් මස්ක් විසින් ට්විටර් සමාගම පවරා ගැනීම සම්බන්ධයෙන් එහි ප්‍රධාන විධායකයන් හා කාර්ය මණ්ලය අතර පසුගියදා පවත්වා ඇති රැස්වීමකදී මස්ක් පිළිබඳ බිය වැඩිපුර දැනී ඇති අතර, ඇතැම් අය හඬා වැටුණු බවද කාන්දු වූ හඬ පටයකින් අනාවරණය වෙයි.

අඟහරුවාදා දිනයේදී එහි විධායකයින් දෙදෙනෙකුගේ කාන්දු වූ හඬ පටය ප්‍රකාශයට පත් කරන ලද අතර, සඳුදා රැස්වීම අතරතුර තෙවැන්නා කඳුළු සලමින් සිටි බව එම වාර්තා පවසයි.

ට්විටර් හි ප්‍රධාන අලෙවිකරණ නිලධාරි සහ මහජන ප්‍රධානී ලෙස්ලි බර්ලන්ඩ් ප්‍රකාශ කරන්නේ ඔවුන්ගේ මධ්‍යස්ථ ප්‍රතිපත්තිට මෙය යම් තර්ජනයක් විය හැකි බවයි "මෙය ට්විටර් සේවාවේ විශ්වාසය සහ ආරක්ෂාව මෙන්ම සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන ඕනෑම අයෙකු වේදිකාවේ ඉතා දුෂ්කර තත්ත්වයකට පත් කරවන දෙයක්." හෙතෙම සඳහන් කළේය.

පසුගිය දෙසැම්බර් මාසයේදී සමාගමේ නිර්මාතෘ ජැක් ඩෝර්සිගෙන් වැඩ භාරගත් ප්‍රධාන විධායක නිලධාරී පැරාග් අග්‍රවාල්ද අදහස් දක්වමින් කියා සිටියේ, "ට්විටර් සේවාවක් ලෙස වර්ධනය වන බව මම විශ්වාස කරනවා. මිනිසුන්ට ආරක්ෂිත බවක් දැනිය හැකි මෙවලම්, ක්‍රියාවලීන් අප විසින් ගොඩනගා ඇති බැවින් ට්විටර් හි සංවාදය ආරක්ෂිත කිරීමට අපට හැකි නිසා වැඩි පිරිසකට නිෂ්පාදනය භාවිත කිරීමට සහ වඩා හොඳ අත්දැකීමක් ලබා ගැනීමට ඉඩ සලසනවා. ඒ වගේම එය තවත් ප්‍රශස්ත කිරීමට අප විසින් කළ යුතු වැඩ රැසක් ඇති බව මා විශ්වාස කරනවා" යනුවෙනි.

කෙසේ වෙතත් මේ වනවිට ට්විටර් සමාගමේ අයිතිය ඇ.ඩො.බිලියන 44කට ලෝක ප්‍රකට ව්‍යාපාරික එලොන් මස්ක් විසින් අත්පත් කරගෙන අවසානය. සමාගමේ දිශානතිය තීරණය කිරීමේ වැඩි බලයක් දැන් ඔහු සතුය.



Recommended Articles