මස්ක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් තහනම ඉවත් කරයි


"ජනතාව කතා කර ඇත" මස්ක් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, මිලියන 15කට වැඩි ට්විටර් භාවිත කරන්නන්ගෙන් 51.8%ක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගිණුමට පණවා තිබූ තහනම ඉවත් කිරීමට ඡන්දය දුන් බවයි.

නමුත් හිටපු එක්සත් ජනපද ජනාධිපතිවරයා යළි වේදිකාවට පැමිණිය හැකි දැයි තමා නොදන්නා බවද හෙතෙම සඳහන් කර තිබුණේ, "මම ඒකට කිසිම හේතුවක් දකින්නේ නැහැ". යනුවෙනි.

ප්‍රචණ්ඩත්වය උසිගැන්වීමේ අවදානම හේතුවෙන් ඔහුගේ ගිණුම 2021 දී අත්හිටුවන ලදී.

ට්විටර් හි පෙර කළමනාකාරීත්වය මෙසේ ක්‍රියා කරනු ලැබුවේ, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් ජනවාරි 6 වැනි දින වොෂින්ටන් ඩීසී හි එක්සත් ජනපද කැපිටල් වෙත කඩා වැදී දින කිහිපයකට පසුවය.

ලොව ධනවත්ම පුද්ගලයා වන මස්ක් ඇ.ඩොලර් බිලියන 44ක (පවුම් බිලියන 37ක) ගනුදෙනුවකින් ඔක්තෝබර් මාසයේදී ට්විටර් හි පාලනය සියතට ගත්තේය.



Recommended Articles