මස්ක් ට්විටර් ගනුදෙනුව අත්හැරීමට සූදානම් වෙයි


එලොන් මස්ක් ට්විටර් මිලදී ගැනීම සඳහා තැබූ ඇ.ඩො.බිලියන 44ක ගනුදෙනුවෙන් ඉවත්වීමේ සූදානමක් පවතින බව විදෙස් වාර්තා පවසයි.

ප්‍රකෝටිපති ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරියා සමාගමේ විශාලතම කොටස් හිමියා බවට පත්වූ සුළියේ නවතම පෙරළිය මෙය වන අතර, ඔහු එහි අධ්‍යක්ෂ මණ්ඩල අසුනද ප්‍රතික්ෂේප කර ඇත.

ට්විටර් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති ප්‍රමාණයට වඩා බොට්ස් සහ ස්පෑම් ගිණුම් විශාල සංඛ්‍යාවක් වේදිකාවේ ඇති බවට මස්ක් සති ගණනාවක් සිදුකළ චෝදනාවන්ට කිසිදු පැහැදිලි සාක්ෂියක් නොමැතිවීම නිසා ඔහු මෙසේ කණස්සල්ලට පත්ව ඇති බව සඳහන් වේ.

ඒ අනුව ගනුදෙනුව සමග ගමන් කිරීම ගැන සැක මතු කිරීම නිසා මෙම කතාවේ මීළඟ පරිච්ඡේදය උසාවියෙන් කෙළවර වනු ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.



Recommended Articles