එය නවසීලන්තයේ දරුණුතම ඛේදවාචකයක් ලෙස ඉතිහාස පොතේ ලියැවී ඇත. වර්ෂ 1979 නොවැම්බර් 28 වැනි දින පුද්ගලයන් 257 දෙනෙකු රැගත් දර්ශනීය ගුවන් යානයක් ඇන්ටාක්ටිකාවේ ගිනි කන්දක් දෙසට කඩා වැටීම එම පුවතයි.
TE901 ගුවන් යානයේ ඛේදවාචකය නවසීලන්තයට කම්පනයක් ඇති කළ අතර, එය රටේ සෑම දෙනාටම පාහේ යම් ආකාරයකින් බලපෑවේ, වසර ගණනාවක පරීක්ෂණ සහ කටුක දොස් පැවරීමේ සිදුවීම් ජාලයකට මඟපාදමිනි.
මෙම යානය කඩා වැටුණේ කෙසේද?
නවසීලන්ත ගුවන් සේවය ඊට වසර දෙකකට පෙර ඇන්ටාක්ටිකාව හරහා දර්ශනීය ගුවන් ගමන් ආරම්භ කර තිබූ අතර ඊට විශාල සාර්ථකත්වයක් හිමිවිය.
මෙම දීර්ඝ ගුවන් ගමන මගින් පළමු වැනි පන්තියේ සුඛෝපභෝගී බවක් සහ ලෝකයේ කෙළවරේ ඇති නිමක් නැති අයිස් මත සිත් ඇදගන්නාසුළු දසුනක් ලබාදෙන ලදී.
නමුත් 1979 දී සිදුවූයේ කිසිවෙකුත් නොදත් දෙයකි. දහවල් වනවිට නියමුවා කපිතාන් ජිම් කොලින්ස් වළාකුළු හරහා පියාසර කරමින් යානය අඩි 2,000ක් (මීටර 610ක්) දක්වා පහතට ගෙනැවිත් ඔහුගේ මගීන්ට වඩා හොඳ දර්ශනයක් ලබා දුන්නේය. වඩාත් පළපුරුදු ගුවන් නියමුවෙකු ලෙස ඔහුට මෙම අනතුර සම්බන්ධයෙන් කල්තියා දැනගන්නට ලැබී නොමැත.
යානයේ සිටි මගීන් ජනේලයන්ගෙන් එබී පිටත ඡායාරූප ගැනීමට හෝ රූගත කිරීමට කාර්යබහුල විය. මෙම ඡායාරූප බොහොමයක් පසුව සුන්බුන් අතර තිබී හමූ වූ අතර ඒවා තවමත් යළි සැකසිය නොහැකි තත්ත්වයේ පසුවෙයි. එමෙන්ම, සමහර ඒවා අනතුරට තත්පර කිහිපයකට පෙර ගත් ඡායාරූපයි.
නමුත් දුරින් ඇති අයිස් හා හිම වෙනුවට, නියමු කුටිය දෙස බලා සිටියේ ඔවුන්ට ඉදිරියෙන් ඇති කන්දයි. දහවල් 1.00 ට ටික වේලාවකට පෙර යානයේ ආසන්න අනතුරු ඇඟවීම් ක්‍රියා විරහිත විය. තත්පර හයකට පසු යානය කෙලින්ම එරිබස් කන්දේ ගැටී තිබුණි.
පැය ගණනක් බලා සිටීමෙන් හා ව්‍යාකූලත්වයෙන් පසුව, නවසීලන්ත ගුවන් පාලක මැදිරියේ උපකල්පනය වූයේ යානය ඉන්ධන අවසන් වන්නට ඇති බවයි. කෙසේ වෙතත්, එය කොතැනක තිබුණත්, එය තවදුරටත් ගුවනේ නොමැති බව ඔවුන් ප්‍රත්‍යක්ෂ කර ගනු ලැබිණි.