මව් පදවි ලැබීමෙන් පසුව සති හයක මාතෘ නිවාඩුවක් ලබාගෙන සිටි නවසීලන්ත අගමැතිනී ජෙසින්ඩා ආර්ඩර්න් යළිත් සිය අගමැති වෘත්තියට වාර්තා කර තිබේ.
38 වැනි වියෙහි පසුවන ජෙසින්ඩා පසුගිය ජූනි මාසයේදී සිය කුළුඳුල් දරුවා ප්‍රසූත කළේ, අගමැති ධුරයක් දරමින් සිටින අවස්ථාවේදී දරුවෙකු බිහිකළ ලොව දෙවැනි රාජ්‍ය නායිකාව බවට පත්වෙමිනි.
පසුගිය සෙනසුරාදා දිනයේදී සිය ෆේස්බුක් ගිණුමට වීඩියෝ සටහනක් තැබූ ජසින්ඩා යළි සේවයට වාර්තා කරන සිය ප්‍රථම සතියේ කාර්යභාරයන් කෙටියෙන් පැහැදිලි කර තිබුණි.
ඇය මේ ආකාරයෙන් මාතෘ නිවාඩු ලබාගෙන සිටි කාලය තුළ නියෝජ්‍ය අගමැති වින්ස්ටන් පීටර්ස් එරට වැඩබලන අගමැතිවරයා ලෙස කටයුතු කළේය.
ජූනි 21 වැනිදා ජසින්ඩා බිහිකළ බිළිඳා නීව් ගෙයිෆෝඩ් යනුවෙන් නම් තබා ඇති අතර, පසුගයි වසරේ ඔක්තෝබර් මාසයේදී නවසීලන්ත අගමැති ධුරයට පත්වූ ඇය, ගිය ජනවාරි මාසයේදී සිය ස්වාමියා වූ ක්ලාක් ගෙයිෆෝඩ් සහ තමන් දරුවෙකු බලාපොරොත්තුවෙන් සිටින බව දැනුම් දුන්නාය.