මලාවි වෙත පසුගියදා බලපෑ ෆ්‍රෙඩී සුළි කුණාටුව හේතුවෙන් මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 447ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම සුළි කුණාටු තත්ත්වයෙන් එරට 362,928දෙනෙකුට උන්හිටි තැන් අහිමි වී ඇති බව එරට ආපදා කළමනාකරණය පිළිබඳ කාර්යාලය පවසයි.
එමෙන්ම, මෙම ස්වභාවික ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයන් 918දෙනෙකු තුවාල ලබා ඇති අතර, පුද්ගලයන් 282දෙනෙකු අතුරුදන්ව ඇති බවද පෙන්වා දෙයි.