මරණ දඬුවම සම්බන්ධ පල්ලියේ ඉගැන්වීම පාප් තුමන් වෙනස් කරයි


ඕනෑම තත්ත්වයක් යටතේ මරණ දඬුවම පිළිගත නොහැක්කක් බව මරණ දඬුවම සම්බයෙන් කතෝලික ඉගැන්වීම වෙනස් කිරීමට පළමු වැනි ෆ්‍රැන්සිස් පාප්තුමන් ක්‍රියාකර තිබේ.

කතෝලික පල්ලිය මීට පෙර පවසා තිබුණේ ඇතැම් තත්ත්වයන් හිදී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් පවතින බවකි.

ඒ අනුව, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම යම් පුද්ගලයෙකුගේ ගරුත්වයට හා නොකෙලෙසිය යුතු බවට කරන ප්‍රහාරයක් නිසා එය පිළිගත නොහැක්කක් බවට මෙම නව තීරණය ඉදිරිපත් කර ඇතැයි වතිකානුව නිවේදය කරයි.

පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් තුමන්ද එල්ලා මරා දැමීමට එරෙහිව මීට පෙර අදහස් ප්‍රකාශ කළ අයෙකු බව ප්‍රසිද්ධය.

පසුගිය ඔක්තෝබර් මාසයේදී පාප් තුමන් කියා තිබුණේ මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් වූ පල්ලියේ ප්‍රතිපත්තිය වෙනස් නොවන ඉගැන්වීමක් නොවන බවත්, එය වර්තමාන තත්ත්වයට ගැළපෙන ලෙස වෙනස් කළ යුතු බවත්ය.

ඒ අදහස අනුව යමින්ම හෙතෙම මෙම වෙනස් කිරීම සිදුකරන්නට ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.



Recommended Articles