මන්කිපොක්ස් වසංගතයට සැන්ෆ්‍රැන්සිස්කෝ සූදානම


කැලිෆෝනියාවේ, සැන් ෆ්‍රැන්සිස්කෝ හි නිලධාරීන් විසින් එම කලාපය තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට කරමින්, මන්කිපොක්ස් වසංගතය පැතිරීම මැඬපැවැත්වීම සඳහා කටයුතු යොදා තිබේ.

"අපට අවශ්‍ය මහජනතාවට වඩාත් හොඳින් සේවය කිරීමට සහ සෞඛ්‍ය ආරක්ෂා කිරීමට අවැසි අපගේ සම්පත් භාවිත කිරීමේ නම්‍යශීලීභාවය ඇතිකර ගැනීමයි" සැන් ෆ්‍රැන්සිස්කෝ සෞඛ්‍ය නිලධාරී සුසාන් පිලිප් පැවසීය.

කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ නිකුත් කරන ලද සෞඛ්‍ය නියෝගවලින් හදිසි ප්‍රකාශය වෙන්කර හඳුනා ගනිමින්, කිසිදු ලොක්ඩවුන් තත්ත්වයක් හෝ සීමා පැනවීමක් ඉල්ලා සිටීමට ඇය සැලසුම් නොකරන බවද පිලිප් වැඩිදුරටත් පැවසීය.



Recommended Articles