ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී පෝල් කෙලී බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ මන්කිපොක්ස් වසංගතය ජාතික වැදගත්කමක් ඇති බෝවන රෝග තත්ත්වයක් ලෙස සුපරික්ෂාකාරී මට්ටම ඉහළ නංවන බවයි.
මේ වනවිට මන්කිපොක්ස් වසංගතය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
එසේම ලොවපුරා රටවල් රැසකින් මන්කිපොක්ස් රෝගීන් හමුවෙමින් පවතින අතර, විශේෂයෙන්ම සමලිංගික පුරුෂයන් අතර රෝගය පැතිරීමේ වේගය වැඩිබව අනාවරණය කරගෙන තිබේ.