වෛරස් රෝගය ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින අවස්ථාවේ, සිංගප්පූරුවේ සහ දකුණු කොරියාවේ මන්කිපොක්ස් වසංගතය පිළිබඳ තහවුරු වූ හෝ සැක සහිත රෝගීන් වාර්තා වී ඇති බව දෙරටේ සෞඛ්‍ය බලධාරීහු පවසති.
සිංගප්පූරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, විදේශයකින් පැමිණි මන්කිපොක්ස් ආසාදිතයෙකු එරට තුළ තහවුරු කර ඇති බවත්, මෙම වසරේ වෛරස් රෝගය පැතිරීමේදී අග්නිදිග ආසියාවෙන් වාර්තා වූ පළමු එවැනි සිද්ධිය මෙය බවත්ය.
ජුනි 20 වැනි දින ධනාත්මක බව පරීක්ෂා කළ රෝගියා 42 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන අතර ඔහු ගුවන් සේවකයෙකු ලෙස සේවය කරන අතර ජුනි මැද භාගයේදී පමණ සිංගප්පූරුවට සහ ඉන් පිටතට පියාසර කර ඇති බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ඔහු සිංගප්පූරුවේ බෝවන රෝග පිළිබඳ ජාතික මධ්‍යස්ථානයේ වාට්ටුවක ස්ථාවර තත්ත්වයේ පසුවන බව අමාත්‍යාංශය පවසයි.
අඟහරුවාදා වනවිට මෙම පුද්ගලයාගේ සමීප සම්බන්ධතා 13ක් හඳුනාගෙන ඇති අතර, ඔවුන් ඔහු සමග අවසන් වරට සම්බන්ධ වූ දින සිට සියලු දෙනා දින 21ක නිරෝධායනයකට ලක්කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
බලපෑමට ලක් වූ ගුවන් ගමන් සඳහා සහ එම පුද්ගලයා සිංගප්පූරුවේ රැඳී සිටි කාලය සඳහා සම්බන්ධතා සොයා ගැනීම සිදු වෙමින් පවතී.
දකුණු කොරියාව ප්‍රකාශ කළේ පළමු වැනි මන්කිපොක්ස් රෝගීන් දෙදෙනා රට තුළ වාර්තා වී ඇති බවත්, රෝග විනිශ්චය පරීක්ෂණ පවත්වන අතර, පරීක්ෂණ අවසන් වූ පසු සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කිරීමක් සිදුකරන බවය.