මන්කිපොක්ස් මධ්‍යස්ථ ගෝලීය අවදානමක් - WHO


ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ඉරිදා ප්‍රකාශ කළේ මන්කිපොක්ස් සාමාන්‍යයෙන් මීටපෙර හමු නොවූ රටවලින් වාර්තා වූ නිසා එය ගෝලීය මට්ටමින් සමස්ත මහජන සෞඛ්‍යයට මධ්‍යස්ථ අවදානමක් ඇති බවයි.

"මෙම වෛරසය මිනිස් රෝග කාරකයක් ලෙස තහවුරු කර ගැනීමේ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන කුඩා දරුවන් සහ ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින් වැනි දරුණු රෝග ඇතිවීමේ වැඩි අවදානමක් ඇති කණ්ඩායම් වෙත පැතිර ගියහොත් මහජන සෞඛ්‍ය අවදානම ඉහළ යා හැකියි" WHO පැවසීය.

මැයි 26දා වනවිට, වෛරසයට ආවේණික නොවන සාමාජික රටවල් 23කින් තහවුරු වූ රෝගීන් 257ක් සහ සැකසහිත රෝගීන් 120ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය ඒජන්සිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. මේ වනවිට මරණ කිසිවක් වාර්තා වී නොමැත.

මීටපෙර වාර්තා නොවූ රටවල් කිහිපයක එකවරම මන්කිපොක්ස් රෝගය හදිසියේ මතුවීම, යම් කාලයක් සඳහා හඳුනා නොගත් සම්ප්‍රේෂණයක් සහ මෑත කාලීන සිදුවීම් විස්තාරණය කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මෙසේ ආවේණික සහ ආවේණික නොවන රටවල නිරීක්ෂණ පුළුල් වන බැවින් තවත් සිද්ධීන් වාර්තා වනු ඇතැයි අපේක්ෂා කරන බව ඒජන්සිය වැඩිදුරටත් පැවසීය.

මන්කිපොක්ස් යනු සාමාන්‍යයෙන් මෘදු නමුත් බෝවන රෝගයකි. එය සමීප ස්පර්ශයකින් පැතිරෙන අතර, එය ස්වයං-හුදකලා කිරීම සහ සනීපාරක්ෂාව වැනි පියවරයන් හරහා සාපේක්ෂව පහසුවෙන් පාලනය කළ හැකිය.

මේ වනවිට වාර්තා වී ඇති බොහෝ රෝගීන් එක්සත් රාජධානිය, ස්පාඤ්ඤය සහ පෘතුගාලයෙන් අනාවරණය වී ඇත.

 



Recommended Articles