මන්කිපොක්ස් පළමු EU නිරෝධානය පැනවෙයි


බෙල්ජියමේ සෞඛ්‍ය අවදානම් තක්සේරු කණ්ඩායම පසුගිය සතිය තුළ රටවල් රැසක මතු වූ මන්කිපොක්ස් වෛරසය රටෙහි පුද්ගලයන් තිදෙනෙකු තුළ හඳුනා ගැනීමෙන් පසු එම රෝගීන් සඳහා දින 21ක නිරෝධායනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

එමෙන්ම, සිව්වන රෝගියාද ඉරිදා හඳුනා ගත් බව සමාජ මාධ්‍ය ඔස්සේ හෙළි කළේය. පෙර අවස්ථා තුන මෙන්ම, අදාළ පුද්ගලයාද මැයි මස මුලදී ඇන්ට්වර්ප් හි පැවති ඩාර්ක්ලන්ඩ්ස් ජාත්‍යන්තර සමලිංගික උත්සවයකට සම්බන්ධ වී ඇති බව සඳහන් වෙයි.

"ඩාර්ක්ලන්ඩ්ස් උත්සවයට සහභාගී වූ සෑම කෙනෙකුම ඕනෑම රෝග ලක්ෂණයක් සඳහා සුපරීක්ෂාකාරීව සිටීම වැදගත් වෙනවා" වෛද්‍යවරු පැවසුවේ රෝගය පැතිරීමේ ස්වභාවය පැහැදිලි වෙමින් පවතින බව යෝජනා කරමිනි.

සුව කළ නොහැකි නමුත් සාමාන්‍යයෙන් සති කිහිපයකින් පසුව ස්වභාවික ප්‍රතිශක්තිය තුළින්ම සුව වන රෝගය සාමාන්‍යයෙන් බටහිර සහ මධ්‍යම අප්‍රිකාවේ පමණක් මීට පෙර දක්නට ලැබුණි.



Recommended Articles