මේ වනවිට යුරෝපා කලාපයේද රටවල් රැසකින් හඳුනාගෙන ඇති මන්කිපොක්ස් රෝගය ගෝලීයව වේගයෙන් පැතිර යාමේ උත්ප්‍රේරකයක් ලෙස ලිංගික සම්බන්ධතාද හේතුවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු විසින් යෝජනා කර තිබේ.
මන්කිපොක්ස් සාමාන්‍යයෙන් බටහිර සහ මධ්‍යම අප්‍රිකාවේ දක්නට ලැබුණු අතර, අප්‍රිකාවට නොපැමිණි පුද්ගලයින් අතර එය පැතිර ගිය පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙයි. විශේෂයෙන්ම සමලිංගික සහ ද්වීලිංගික ප්‍රජාවේ පිරිමින් අතර මෙම රෝගය විශේෂයෙන් හඳුනාගෙන ඇත.
යුරෝපයේ මෙන්ම ඇමෙරිකාවේ සහ ඔස්ට්‍රේලියාවේ බොහෝ රෝගීන් පිරිසක් සමග මහාද්වීප කිහිපයක් හරහා ආසාදන වාර්තා වී ඇති අතර, ඊශ්‍රායලයේද මන්කිපොක්ස් ආසාදිතයෙකු හඳුනාගෙන තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රධානියා වූ ඩේවිඩ් හේමන්, යුරෝපයේ මෑත කාලීන සමූහ සිදුවීම් දෙකකදීම මෙම රෝගය ලිංගික හැසිරීම් ආශ්‍රිතව හඳුනාගෙන ඇති අතර, එය අහඹු සිදුවීමක් බවට වූ මතය ඒ ඔස්සෙ අඩපණ කළේය.
විශේෂයෙන්ම, ස්පාඤ්ඤයේ සහ බෙල්ජියමේ පැවති සිද්ධීන්වලදී සමලිංගික හා ද්වීලිංගික පිරිමින් අතර ලිංගික සම්ප්‍රේෂණය හරහා රෝගය පැතිර යන බව ප්රමුඛ න්‍යාය ලෙස හඳුනාගෙන ඇත. ආසාදිත කෙනෙකුගේ තුවාල සමග සමීප සම්බන්ධතා ඇතිවිට මන්කිපොක්ස් පැතිර යා හැකි බවත්, ලිංගික සම්බන්ධතා දැන් එම සම්ප්‍රේෂණය වැඩි කර ඇති බවත් හේමන් සඳහන් කළේය.