මන්කිපොක්ස් එන්නත් තරග කොවිඩ් තරගය සිහි කැඳවයි


ධනවත් රටවල් විශාල වශයෙන් මන්කිපොක්ස් එන්නත් මිලදී ගැනීමට කටයුතු කරන අතර, අප්‍රිකාව වෙත එන්නත් මාත්‍රා බෙදා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

මේ තත්ත්වය තුළ මිලියන සංඛ්‍යාත ජනතාවක් රෝගයේ වඩාත් භයානක අනුවාදයකින් අනාරක්ෂිත විය හැකි අතර වෛරසය මිනිසුන්ට අඛණ්ඩව කාන්දු වීමේ අවදානමක් ඇති බව මහජන සෞඛ්‍ය නිලධාරීන් අනතුරු අඟවයි.

කොරොන වසංගතය තුළ දක්නට ලැබෙන ව්‍යසනකාරී අසමානතා ගැටලු නැවත නැවතත් සිදුවනු ඇතැයි විචාරකයෝ බිය වෙති.

ධනවත් රටවල් ඔවුන්ගේ දේශසීමා තුළ වඳුරු මන්කිපොක්ස් නැවැත්වීම සඳහා එන්නත් මිලියන ගණනක් ඇණවුම් කර ඇතත්, බටහිර රටවලට වඩා එම උවදුරේ මාරාන්තික ස්වරූපයක් පැතිරෙන අප්‍රිකාව සමග මාත්‍රාව බෙදා ගැනීමට කිසිවෙකු සැලසුම් කර නැත.

අද වනවිට, මැයි මාසයේ සිට රටවල් 80කට ආසන්න මන්කිපොක්ස් රෝගීන් 22,000කට වඩා වාර්තා වී ඇති අතර, අප්‍රිකාවේ 75ක් පමණ සැක සහිත මරණ සිදුව ඇත. ඉන්, වැඩි ප්‍රමාණය නයිජීරියාවේ සහ කොංගෝවේ වාර්තා වේ.

එසේම, ජූලි 29 වැනිදා බ්‍රසීලය සහ ස්පාඤ්ඤය මන්කිපොක්ස් උවදුරට සම්බන්ධ මරණ වාර්තා කළ අතර එය අප්‍රිකාවෙන් පිටත පළමු මරණ වේ. ඉන් දිනකට පසු ස්පාඤ්ඤයේ දෙවැනි මන්කිපොක්ස් මරණයක් වාර්තා කළේය.



Recommended Articles