මන්කිපොක්ස් ඇමෙරිකාව තුළ දේශීය සම්ප්‍රේෂණයක්


එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) විසින් එක්සත් ජනපදයේ මන්කිපොක්ස් වෛරසය විදේශයන්හි සිට පැමිණි අයට අමතරව දේශීයව සම්ප්‍රේෂණය වන බවට සාක්ෂි සොයාගෙන තිබේ.

මෙම අවස්ථා ප්‍රධාන වශයෙන් සිදුවන්නේ සමලිංගික පුරුෂ පක්ෂය තුළ වන නමුත් කාන්තාවන්ද ආසාදනය වන බව CDC කාර්ය මණ්ඩල සාමාජික වෛද්‍ය අගම් රාඕ එහි මණ්ඩල රැස්වීමකදී පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයටද අනුව මේ වනවිට මන්කිපොක්ස් වෛරසය ලොවපුරා රටවල් රැසකින් හඳුනාගෙන ඇති අතර, මෙම සතිය වනවිට එය අග්නිදිග ආසියානු කලාපයටද ඇතුළු වී තිබුණි.



Recommended Articles