මධ්‍යම මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක ගමන් කරමින් තිබූ මගී බස් රථයක තිරිංග ක්‍රියා විරහිත වී නිවසක් මතට කඩා වැදීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 19දෙනෙකු මිය ගොස්, තවත් 20දෙනෙකු තුවාල ලබා ඇති බව අනාවරණය වෙයි.
බස් රථය මෙක්සිකෝ ප්‍රාන්තයේ ආගමික සිද්ධස්ථානයක් වෙත යමින් සිට ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
සහකාර රාජ්‍ය අභ්‍යන්තර ලේකම් රිකාඩෝ ඩි ලා කෘස් මුසාලෙම් පැවසුවේ අසාධ්‍ය තත්ත්වයේ පසුවූ කිහිප දෙනෙකු ගුවනින් රෝහල් වෙත මාරු කර යවා ඇති බවයි. මේ අතර රාජ්‍ය රතු කුරුස සංවිධානය පැවසුවේ ගිලන්රථ 10ක් ප්‍රදේශයට යැවීමට කටයුතු කළ බවයි.