මට ජීවිතය දුන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මම ණයගැතියි


බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු, ශාන්ත තෝමස් රෝහලේ ජාතික සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයට ස්තූතිය පුදකරමින් කෙටි ප්‍රකාශයක් සිදුකර තිබේ.

"මට ඔවුන්ට ප්‍රමාණවත් තරම් ස්තූති කළ නොහැකියි. මගේ ජීවිතය දුන් ඔවුන්ට මම ණයගැතියි" යනුවෙන් ජොන්සන් සඳහන් කර ඇත.

මාර්තු 27දා කොවිඩ්-19 වෛරසයේ ධනාත්මක බව පරීක්ෂා කිරීමෙන් පසුව, ජොන්සන් පසුගිය ඉරිදා රාත්‍රියේ රෝහලට ඇතුළත් කළ අතර, ඔහු දැඩි සත්කාර ප්‍රතිකාර සඳහා පසුව යොමු කෙරිණි. කෙසේ වෙතත් පසුගිය බ්‍රහස්පතින්දා ඔහුව යළිත් දැඩි සත්කාර ඒකකයෙන් නිදහස් කෙරිණි.

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් කොරෝනා වෛරසයෙන් සුවය ලැබීමේ මාවතේ ගමන් කරමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.



Recommended Articles