තම දේශපාලන විරුද්ධවාදියෙකු වන ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වූ බේටෝ ඔරොර්කේ බල්ලෙක් වගේ තරගයෙන් ඉවත් වෙලා යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියි.
ඩිමොක්‍රටික් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වූ බේටෝ ජනපතිවරණ ඡන්ද සටනින් ඉවත්වීමට තීරණය කිරීමෙන් පැය කිහිපයකට පසුව ඇමෙරිකානු නායකයා මෙම අදහස් පළ කර තිබේ.
ටෙක්සාස් ප්‍රාන්තයේ හිටපු කොංග්‍රස් සභිකයෙකු වූ ඔහු, ඇමෙරිකානු නායකයාව දැඩි ලෙස විවේචනය කළ පුද්ගලෙයකු ලෙස සැලකෙයි.
විශේෂයෙන්ම පසුගිය අගෝස්තු මාසයේ එල් පාසෝ හි සිදුවූ සමූල විවෘත වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව ඇමෙරිකානු නායකයාගේ සංක්‍රමණ විරෝධී ප්‍රතිපත්තිය ඔහු දැඩිව හෙළා දකිමින් කතා කළේය.
අමෙරිකානු නායකයා මෙම කොංග්‍රස් සභිකයාගේ ඉවත්වීම පසුගියදා ඔහු ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ නායක අල්-බග්දාදි මරණයට පත්වූ විට සඳහන් කළ ආකාරයෙන්ම පවසා ඇතැයිද විදෙස් වාර්තා පවසයි.
එහිදී, බග්දාදි බල්ලෙක් වගේ මියගියා යැයි කියූ ට්‍රම්ප්, මෙවර බේටෝ බල්ලෙක් වගේ ඉවත් වෙලා යැයි සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, ඇමෙරිකානු නායකයා අදහස් සම්බන්ධයෙන් බේටෝ පළ කර තිබුණේ, ඉතා දිළිඳු, අනුකම්පාකළ යුතු පුද්ගලයෙකු ලෙසිනි.