සිංගප්පූරුව බලා ළඟා වූ මගී ගුවන් යානයක බෝම්බ බියක් හේතුවෙන් එම යානය පසුපස ප්‍රහාරක යානා ලුහුබැඳීමක් සිදුකර ඇති බව වාර්තා වේ.
මගීන් 144 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු රැගත් TR385 දරණ ස්කූට් ගුවන් සේවයට අයත් යානය පිලිපීනයේ කේබූ සිට සිංගප්පූරුවේ චැංගී ගුවන් තොටුපොළට ළඟාවීමේදී මෙම බෝම්බ බිය පැන නැගී ඇත.
කෙසේ වෙතත්, මෙය යානයේ ගමන් කළ 13 හැවිරිදි කොලු ගැටයෙකු විසින් සිදුකළ අනවශ්‍ය කැලඹිමක් බව පසුව අනාවරණය කරගෙන ඇති අතර, යානය චැංගී ගුවන් තොටුපොළ වෙත උපද්‍රවයකින් තොරව ගොඩබස්වා තිබේ.
යානය ගොඩබැස්වීමත් සමග සිංගප්පූරු පොලීසිය විසින් පෙරකී 13 හැවිරිදි දරුවා රඳවා තබාගෙන ප්‍රශ්න කරන බවත්, මෙය තවමත් සැහැල්ලුවට ගෙන නොමැති බවත් සිංගප්පූරු ආරක්ෂක අමාත්‍ය න්ග් එන්ග් හෙන් පවසා සිටියේය.
එහිදී, යානය ගොඩබස්වන තුරු සිංගප්පූරු ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා ද්විත්වයක් එය පසුපස ලුහුබැඳි බවද පවසන අමාත්‍යවරයා, සිංගප්පූරු ගුවන් හමුදාව මෙවැනි අනතුරු හමුවේ නිරන්තර අවධානයේ පසුවන බවද අවධාරණය කර තිබේ.