භූගත ජල කළමනාකරණයට චීනයේ රෙගුලාසි එළිදක්වයි


භූගත ජලය කළමනාකරණය පිළිබඳ රෙගුලාසියක් එළිදක්වන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නියෝගයකට චීන අගමැති ලී කෙකියැං අත්සන් තබා තිබේ.

දෙසැම්බර් 01දා සිට බලපැවැත්වෙන නව රෙගුලාසි මගින් සමීක්ෂණය සහ සැලසුම් කිරීම, සංරක්ෂණය සහ ආරක්ෂාව, අධික ජල පරිභෝජනය, දූෂණය පාලනය කිරීම සහ අධීක්ෂණය සහ කළමනාකරණය යන ක්ෂේත්‍රවල භූගත ජලය සඳහා නිශ්චිත රීති සකස් කර ඇත.

ප්‍රාදේශීය ජල පරිපාලනය සහ ස්වභාවික සම්පත් හා පාරිසරික පරිසර බලධාරීන් විසින් භූගත ජල තත්ත්වය පිළිබඳ සමීක්ෂණ හා ඇගයීම් සිදුකළ යුතු අතර, ඒ අනුව භූගත ආරක්ෂණ හා දූෂණ පාලන විධිවිධාන සකස් කළ යුතු බව එහි සඳහන් වේ.

භූගත ජල සංරක්ෂණය සහ ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා ලේඛනයට අනුව නිස්සාරණය කරන ලද මුළු භූගත ජල ප්‍රමාණය මෙන්ම භූගත ජල මට්ටම් පාලනය කරනු ලැබේ. විශේෂ තත්ත්වයන් යටතේ හැර, පහසුවෙන් නැවත පිරවිය නොහැකි භූගත ජලය අධික පරිභෝජනය නොකළ යුතුය.

භූගත ජලය අධික පරිභෝජනය තහනම් හෝ සීමා කර ඇති ප්‍රදේශ නම් කිරීම ප්‍රමිතිගත කළ යුතු බවත්, පළාත් මට්ටමේ බලධාරීන් දේශීය භූගත ජලය අධි පරිභෝජනය වැළැක්වීම සඳහා සැලසුම් සකස් කළ යුතු බවත් රෙගුලාසියෙන් නියම කර ඇත.

එසේම භූගත ජලය දූෂණය කරන ක්‍රියාකාරකම් පාලනය ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතු බව එහි සඳහන් විය. පාංශු දූෂණය, නිෂ්පාදන සහ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් භූගත ජලය දූෂණය වීම වළක්වන නීති රීති මෙන්ම ජලය පිරිපහදු කිරීම; සහ අධීක්ෂණය සහ කළමනාකරණය වැඩි දියුණු කිරීමද ඊට අයටත්ය.

රෙගුලාසි උල්ලංඝණය කිරීම නීතිමය වගකීම්වලට යටත් වන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.



Recommended Articles