තුර්කි - සිරියා කලාපයට බලපෑ ප්රබල භූ කම්පනය සිදුවී පැය 149කට පසුව වයස අවුරුදු 35ක පුද්ගලයෙකු තුර්කියේදී බේරාගැනීමට හැකිවී තිබේ.
මෙම පුද්ගලයා මුස්තෆා සරිගුල් ලෙස හඳුනාගෙන ඇති අතර, මහල් 6ක ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිටියදී ඔහු හමුවී ඇත.
හමුදා සාමාජිකයන් සහ මුදාගැනීමේ කණ්ඩායම් විසින් මේ වනවිටත් සහන මෙහෙයුම් සිදුකරමින් සිටින බවද විදෙස් වර්තා පෙන්වා දෙයි.
මෙම ප්රබල භූ කම්පනය හේතුවෙන් තුර්කියේ සහ සිරියාවේ මේ වනවිට පුද්ගලයන් 30,000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවද එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.