පිලිපීනයේ අබ්රා පළාතට බලපෑ දරුණු භූ මිකම්පාවෙන් පීඩාවට පත් ප්රදේශ නිරීක්ෂණයට එරට ජනාධිපති ෆර්ඩිනැන්ඩ් මාර්කෝස් එරට අනෙකුත් රාජ්ය නිලධාරීන් සමග පැමිණ තිබේ.
විපතට පත් පුද්ගලයින්ට රජයෙන් ආධාර ලබාදෙන බව පළාත් අගනුවර බංගුඩ් හි පැවති තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමකදී මාකෝස් පැවසීය.
අබ්රා පළාතට රක්ටර් පරිමාණ 7ක ප්රබල භූමිකම්පාවක් ඇති වූ අතර මේ වනවිට පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් අවම වශයෙන් පුද්ගලයින් 131දෙනෙකු තුවාල ලබා ඇත.
භූ කම්පනය ඇතිවීමත් සමග අබ්රා වෙත ගලවා ගැනීමේ සහ සහන කණ්ඩායම් වහාම යැවීමට එරට රජය ක්රියාකර තිබේ.