භාවිතයට නොගත් එන්නත් සඳහාත් ෆයිසර් මුදල් ඉල්ලයි


ෆයිසර් සමාගම විසින් යුරෝපා සංගමය වෙත යැවූ භාවිතයට නොගත් කොවිඩ්-19 එන්නත් සඳහා තවදුරටත් ගෙවීම් බලාපොරොත්තුවෙන් සිටින බව කියයි.

විශේෂයෙන්ම, ඉදිරියටත් කොවිඩ්-19 එන්නත් ලබාදෙන බවට වූ කොන්ත්‍රාත්තුවක් යුරෝපා සංගමය සමග ඇතිකර ගැනීමට ඉල්ලීමක් කරමින් ඔවුන් මේ ආකාරයෙන් දැනට භාවිතයට නොගත් එන්නත් සඳහා පවා ගෙවීම් බලාපොරොත්තුවෙන් පසුවන බවක කියයි.

කොවිඩ්-19 වසංගතය මේ වනවිට ලෝකයෙන් ක්‍රමයෙන් වියැකෙමින් තිබුණද, මේ වසංගතය තුළම මහා ධනස්කන්ධයක් උපයාගත් සමාගම් ඔවුන්ගේ උපායමාර්ග අඛණ්ඩව සිදුකරමින් පවතින බව පැහැදිලි වේ.



Recommended Articles