බෝලිවියාවේ අන්තර්වාර ජනපතිනියටත් කොරෝනා


බොලීවියාවේ අන්තර්වාර ජනාධිපති ජෙනින් ආසීස් සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්, තමා කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ බව තහවුරු කර තිබේ.

ඇය වැඩිදුරටත් සඳහන් කිර තිබුණේ තම කැබිනට් සාමාජිකයන් බොහෝ දෙනෙක් මෑතකදී ධනාත්මක බව පරීක්‍ෂා කළ බවයි.

"පසුගිය සතිය තුළ මගේ කණ්ඩායමේ සාමාජිකයන් බොහෝ දෙනෙක් නව කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති හෙයින්, මමද පරීක්‍ෂණය කළා. ඒ අනුව එය ධනාත්මක බව දන්වා තිබෙනවා" ඇය ට්විටර් පණිවුඩය සමග නිකුත් කළ වීඩියෝවක සඳහන් කළාය. "මගේ තත්ත්වය කෙසේ වේවිදැයි කියා නව පරීක්ෂණයක් සිදුකරන තුරු මාව දින 14ක් නිරෝධායනයට ලක් කරනවා. මට අපහසුවක් දැනෙන්නේ නැහැ. මට ශක්තිමත් බවක් දැනෙනවා. හුදකලාව සිට මුලුමනින්ම පාහේ රාජකාරී වැඩ කිරීමට මා කටයුතු කරනවා. අප මුහුණ දී සිටින මෙම සෞඛ්‍ය අර්බුදයට උදව් කිරීමට කටයුතු කරන බොලිවියානු වැසියන්ට මා ස්තූතිවන්ත වෙනවා. " ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

මෑත දිනවල, සෞඛ්‍ය ඇමති මාරියා ඊඩි රොකා ඇතුළු බොලිවියානු රජයේ ඉහළ නිලධාරීන් හතර දෙනෙකු කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර තිබුණි. නව කොරෝනා වෛරසය සඳහා ධනාත්මක වූ අනෙක් නිලධාරීන් අතර අමාත්‍ය යෙර්කෝ නීස් නෙග්‍රෙට්, අමාත්‍ය ජෝර්ජ් ප්‍රනාන්දු ඔරොපීසා සහ ත්‍රිවිධ හමුදාවේ අණදෙන නිලධාරී ජෙනරාල් සර්ජියෝ ඔරෙලානාද ඇතුළත් වේ.

වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ තුන්වන ලතින් ඇමරිකානු රාජ්‍ය නායකයා වන්නේ ආසීස් ය. බ්‍රසීලයේ ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ සහ හොන්ඩුරාස් ජනාධිපති ජුවාන් ඕර්ලන්ඩෝ හර්නාන්ඩෙස් ඇයට පෙර වෛරසය සඳහා ධනාත්මක විණි.



Recommended Articles