බෝයිං 737 මැක්ස් අනතුරුවලදී වන්දි පිරිනමා ඥාතීන් රවටලාලු


ඉන්දුනීසියාවේදී පසුගිය වසරේ අනතුරට පත් බෝයිං 737 මැක්ස් යානයේ ගමන්ගත් මගීන්ගේ ඥාතීන් වෙත වන්දි පිරිනමා ඔවුන් රවටා ඇති බවට චෝදනා නැගෙයි.

අනතුරට පත් යානයේ ගමන්ගත් මගීන්ගේ ඥාතීන් විසින් බෝයිං සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීම වළක්වමින්, ඔවුන්ට වන්දි පිරිනැමීම සඳහා අත්සන් ලබාගැනීමක් සමග මෙම රැවටීම සිදුකර ඇති බව නීතීඥයෝ පෙන්වා දෙති.

බොයිං ගුවන් යානා සම්බන්ධයෙන් සිදුවූ සෙසු අනතුරුවලදීද මේ ආකාරයෙන්ම වන්දි පිරිනැමීමේ එකඟත්වයක් සමග අත්සන් ලබාගැනීමක් සිදුව ඇති බවද ඔවුහු පවසා සිටිති.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම බෝයිං සමාගම විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඉන්දුනීසියාවේ ජකාර්තා නුවරින් ගුවන්ගතව විනාඩි 13ක ගුවන් කාලයකින් පසුව බෝයිං 737 මැක්ස් යානය පසුගිය වසරේ ඔක්තෝබර් මස 29 වැනිදා මගීන් 189ක් සමග ඉන්දුනීසියාව ආසන්න මුහුදට කඩා වැටුණි.



Recommended Articles