බෝයිං 737 NG ගුවන් යානා බඳෙහි පළුදුවීම් - පරීක්ෂණ සඳහා නියෝග


බෝයිං 737 NG ගුවන් යානා බඳෙහි යම් පළුදුවීම් වාර්තා වීමත් සමග ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට එක්සත් ජනපද ගුවන් සේවා නියාමකයන් නියෝග කර තිබේ.

ෆෙඩරල් ගුවන් සේවා පාලනාධිකාරිය පවසන්නේ, ඉතා වැඩි කාලයක් භාවිත කරන ලද බෝයිං යානා අලුත්වැඩියා කිරීමේදී මේ ආකාරයේ පළුදු වීම් බෝයිං සමාගම නිරීක්ෂණය කර ඇති බවයි.

මෙම මාදිලියෙන් පිට යානා කිහිපයකද යම් පළුදුවීම් ප්‍රමාණයක් වාර්තා වී තිබුණද, එය මෙතරම් නොවන බවද කියැවෙයි.

පසුගිය මාර්තු මාසයේ සහ ඊට පෙර වසරේ සිදුවූ ප්‍රබල ගුවන් අනතුරු දෙකක් හේතුවෙන් බෝයිං 737 මැක්ස් යානා යළි ගුවන්ගත නොකර ගොඩබස්වා තැබීමට පියවර ගැනුණි.



Recommended Articles